Mobile, Web, Desktop, සහ Embedded Device සඳහා යෙදුම් තැනීමට තනි කේත පදනමකින් Flutter ඔබට ඉඩ සලසයි.
Flutter Apps නිර්මාණය සඳහා Dart Programming Language එක භාවිතා කරනු ලැබේ. මෙහිදී Dart සමඟින් අදාල යෙදවුම අවශ්‍ය පරිදි සංවර්ධනය කිරීමෙන් පසු ඉතා පහසුවෙන් Mobile , Desktop හෝ Web උපාංග සමඟ භාවිතා කල හැකිය.
Flutter Rendering Engine එක හරහා ඔබ නිර්මාණය කරන යෙදවුමේ සෑම පික්සලක්ම (Pixel) ඔබට අවශ්‍ය පරිදි හැසිරවිය හැකිය.එනම් Flutter හරහා ලබා දෙන Widget Library එක හරහා ඕනෑම තිරයකට (Screen) අනුගත විය හැකි UI (User Interface) සෑදීමට සහය වෙයි.
Flutter සමඟින් ඔබට තනි කේත පදනමක් ඔස්සේ iOS සහ Android දුරකථන මෙහෙයුම් පද්ධති දෙකටම ගැලපෙන පරිදි Apps නිර්මාණය කරගත හැකිය.වර්තමානයේ ලොව ජනප්‍රියතම සහ ඵලදායීම Cross Platform Framework අතර ඉදිරියෙන්ම Flutter සිටී.
Flutter හරහා තනි කේත පදනමකින් අපට Web Apps නිර්මාණය කරගත හැකිය.Mobile , Tablet , Desktop වැනි බොහෝ උපාංග මත අදවන විට Web Browsers දැක ගත හැකි බැවින් වැඩි පරිශීලකයින් ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට Web Apps නිර්මාණය කරගත හැකිය.
තනි කේත පදනමකින් Flutter සමඟින් ඔබට Desktop Apps නිර්මාණය කරගත හැකිය..අදාල Desktop උපාංග සඳහා නැවත ලිවීමකින් තොරව Windows , MacOS සහ Linux සඳහා Apps නිර්මාණය කල හැකිය.
Flutter Apps ඉහත සඳහන් කල Mobile , Desktop සහ Web Platformවල පමණක් නොව මෝටර් රථ , Smart උපාංග වැනි දෑ සඳහාද ස්ථාපිත කල හැකිය.
Fei Song
Senior Software Engineer, Tencent
Flutter.lk අපගේ (Ceylon Edge Flutter Academy) Flutter පාඨමාලාවේ හයවන කණ්ඩායම අගෝස්තු මස හතරවන දින රාත්‍රී 7.00 ට ආරම්භ වේ..මෙම පාඨමාලාව තුලදී ඔබට Dart Programming Language එකෙහි සිට Flutter Advanced Mobile App දක්වා සියළු විෂය කරුණු ආවරණය කෙරේ.පාඨමාලාවේ සම්පූර්ණ තොරතුරු සඳහා පහත බටන් එක හරහා පිවිසෙන්න.